අපරාධ නැති පාලනයක් ඇති කරන බව අනුර කියයි

අපරාධ නැති පාලනයක් ඇති කරන බව අනුර කියයි

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මුලුමනින්ම තුරන් කරන පාලන ක්‍රමයක් ජාතික ජනබලවේග රජයක් තුළ ඇති කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නීතිය සහ සාමය සහිත රජයක් නිර්මාණය කිරීමට තමා ඇප කැප වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික ජනබලවේගයේ අක්මීමන ආසන ජන රැළිය කරාපිටියේ දී පැවැත්වුණා.

එම අවස්ථාවට පක්ෂයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරික් එක්ව සිටියා.

මේ අතර ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවති මාතර ව්‍යාපාරික හමුව ඊයේ පස්වරුවේදී පැවැත්වුණා.

මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වුණේ රුහුණ විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේදී මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයන් රැසක් ඊට එක්ව සිටියා.

COMMENTS