රට ගොඩදාන්න පුළුවන් එකම නායකයා නාමල්

රට ගොඩදාන්න පුළුවන් එකම නායකයා නාමල්

අරගලය පාලනය කිරීමට රජය එකදු උණ්ඩයක් හෝ භාවිත කළේ නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී රටගොඩනගනු ඇති බවට තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බෙලිඅත්ත නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.තවත් කිහිප දෙනෙකුම ජන හමුව ඇමතුවා.

මේ අතර හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන හමුවක් සංවිධාන කර තිබුණා.

කෙසේ වුවද පස්වරු 06ට පමණ එම ස්ථානයට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ ජන හමුව අවලංගු කර තිබෙනවා.

ගල් ප්‍රහාරයට ලක් වූ දරුවකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ජන හමුවට සහභාගීවීම සඳහා සිරිබෝපුර ප්‍රදේශයට පැමිණෙමින් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය රැස්වීමට සහභාගී නොවී තුවාල ලැබූ දරුවාගේ සුවදුක් බැලීමට හම්බන්තොට රෝහලට පැමිණ තිබුණා .

COMMENTS