වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සහ සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.