ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු සූදානම් – විභාග කොමසාරිස්

ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු සූදානම් – විභාග කොමසාරිස්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අද (13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කෙමසාරිස්වරයා මේ බව පැවසුවා.

ඒ අනුව විභාගය එළඹෙන 15 වැනි ඉරිදා පෙරවරු 9.30ට ආරම්භ කිරීමට නියමිතයි. උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අර සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිටිනවා.

නියමිත වේලාවට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යෑමට කටයුතු කරන ලෙසත්, එසේම අනවශ්‍ය පීඩනයකින් තොරව ඉතා සැහැල්ලු මනසින් විභාගයට මුහුණ දී එම කඩඉම ජය ගන්නා ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

COMMENTS