හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනාධිපති සමාව

හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනාධිපති සමාව

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින්.

එවක ආණ්ඩුකාර රොබට් චාමර්ස් නිකුත් කළ ප්‍රකාශයක් මගින් යුද අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව 1915 වසරේ ජූලි 7 වනදා හෙන්රි පේද්‍රිස් ඝාතනය කරනු ලැබුවා.

ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම යන චෝදනාව යටතේ ඔහු ඝාතනය කළද පසුව එම චෝදනාව අසත්‍යයක් බවට හෙළිවී තිබුණා.

1888 අගෝස්තු 16 වන දින ගාල්ලේ උපත ලැබූ හෙන්රි පේද්‍රිස් බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට ජීවත්වූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම එවක ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගර ආරක්ෂක බලකායේ සේවය කළ කපිතාන්වරයෙක්.

COMMENTS