ඡන්දයට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට වැඩ වරදී

ඡන්දයට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට වැඩ වරදී

ඡන්දය සඳහා පෞද්ගලික අංශයේ සහ අර් ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

යම් ආයතනික ප්‍රධානියෙකු මෙම නීතිය නොසලකා කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවෙකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් හිමිවන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි සිදුවීම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම එවැනි සිද්ධීන් ඇති වුවහොත් ඒ පිළිබඳව තම සංවිධානය දැනුවත් කරන ලෙසයි පැෆ්රල් සංවිධානය සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

COMMENTS