හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න

හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න

ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ) පනත අනූව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා.

එම වරදට මහාධිකරණය විසින් වරදකරුවෙකු කළ අයෙකුට බරපතල වැඩ සහිතව මාස 12කට වැඩි කාලයකට සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 2ක දඩයකට හෝ එකී දඬුවම් දෙකටම යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න පවසන්නේ.
මෙකී චෝදනාවට වරදකරුවෙකු වන කෙනෙක්ට අවුරුදු 7ක කාලයක් ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම සහ මැතිවරණයකදී ඡන්දය දීමට නුසුදුස්සෙකු වන බව සඳහන්.

මීට පෙර එම දඩ මුදල රුපියල් 500ක් වශයෙන් පැවතී තිබෙනවා.

ඒ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනත අනූවයි.

එම පනතට 2023දී ගෙනා ස්ංශෝධනයක් මතයි මෙලෙස දඩ මුදල් ඉහළ දමා ඇත්තේ.

COMMENTS