ඇඟලුම් ආයතන 219ක් වැසෙයි
බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීම නිසායි.
මේ අතර, වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජනය හා විරෝධතාව හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා 86ක් දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම විරෝධතා වැළැක්වීම සඳහා තවත් කර්මාන්තශාලා 133ක සේවක සේවිකාවන්ට නිවාඩු ලබාදීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
සේවක විරෝධතා උත්සන්න වූවද ඩකා නුවර අපනයන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 88ක නිෂ්පාදන කටයුතු සිදු කිරීමට එහි පාලනාධිකාරිය සමත්වූ බවද සඳහන්.
ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා කර්මාන්තශාලා ඉදිරිපිට අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.