දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 7500ක වාර් ෂික දීමනාවක්
දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7500ක වාර්ෂික දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ද ඊට ඇතුළත් ය.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම දීමනාව ලබන වසරේ සිට ලබා දීමට නියමිත ය.
බෞද්ධ , හින්දු , ඉස්ලාම් , ක්‍රිස්තියානි හා කතෝලික දහම් පාසල්වල සේවය කරන ගුරුවරුන්ට මෙම දීමනාව හිමිවනු ඇත.
මීට පෙර එම ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්න ද මේ වනවිට එය ක්‍රියාත්මක වන්නේ නැත.