ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම්ව සිටිනවා.

මේ සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ගැනීමට පොලිස් මූලස්ථානය විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනූව අදාල ත්‍රිවිධ හමුදාවේ භටයින් නියමිත පොලිස්ස්ථාන හා එක්ව එම රාජකාරිවල නිරතවනු ඇති.

ජනාධිපතිවරණය දිනයේදී මැතිවරණ රාජකාරි රැසක් සඳහා පොලිස් නිලධාරීන් බහුතරයක් යොදවන නිසා නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා මෙසේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදා ගැනීම සිදුකරනවා.

මේ අනූව ලබන 20 වැනිදා උදේ 8 සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියමිත පොලිස් ස්ථානවලට වාර්තා කරන බවයි පැවසෙන්නේ.

COMMENTS