අපේ ඉලක්කය මොකක්ද? – නාමල්

අපේ ඉලක්කය මොකක්ද? – නාමල්

තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“කොළඹ වරාය නගරය බොහෝ අය හිතුවේ ගොඩනැගිලි අහදන්න කියලා නෑ… ඒක ගනුදෙනු වලට කේන්ද්‍රකරගත් මධ්‍යස්ථානයක්. අපිට වුවමනාව තියන්නේ මොකක්ද ලෝකේ සමාගම් තමන්ගේ බැංකුකරණයට, ගනුදෙනුකරණයට පොර්ට් සිටි එක පාවිච්චි කරන්න.

තාක්ෂණ ගම්මාන 5 සූරියවැව, යාපනය එක්ක ඒ මධ්‍යස්ථාන 7ත් පොර්ට් සිටි එකට සම්බන්ධ කළහම පොර්ට් සිටි එකේ ප්‍රතිලාභ බස්නාහිර පළාතට කොළඹට, ගම්පහට, මිනුවන්ගොඩට වගේම ගාල්ලට, සූරියවැවට, දඹුල්ලට, කුරුණෑගලට, යාපනයට, නුවරට, නුවරඑළියේ දරුවන්ටත් ලැබෙන්න අපි හදලා දෙනවා.

අපේ ඉලක්කය මොකක්ද? අපේ ඉලක්කය තමයි දකුණු ආසියාවේ බැංකුකරණයේ සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය විදිහට ඊළඟ අවුරුදු 5 ඇතුළත කොළඹ වරාය නගරය පරිවර්ථනය කරනවායි කියන එක.

තවත් පැත්තකින් අපේ ආර්ථිකයට වාසි ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්ති තීන්දු මත ලෝකේ ඉහළ පෙලේ ආයෝජකයෝ අපේ රටට ගෙනල්ලා මේ රටේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නයට වගේම අපේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා පරිවර්ථනය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා”

COMMENTS