ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක්

ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක්

ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට යන මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනූව ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මේ අතර පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කරන්නේ එදිනට අමතර පෞද්ගලික බස් රථ සේවා නොපවැත්වෙන බවයි.

ඊට හේතුව පෞද්ගලික බස් රථ සේවකයන් ද ඡන්දය භාවිත කිරීමට යන නිසා බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කරන බවයි එම සංගම් පවසන්නේ.

මේ වෙනුවෙන් අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීමට තීරණයක් ගෙන නොමැති බවත් සාමාන්‍ය දිනවල පරිදි දුම්රිය ධාවනය වන බවයි වාර්තා වන්නේ.

COMMENTS