තොරතුරු තාක්ෂණය හරහා ඩොලර් ගේන හැටි අනුර කියයි

තොරතුරු තාක්ෂණය හරහා ඩොලර් ගේන හැටි අනුර කියයි

වසර 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 30ක් බිහිකිරීමට පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඇමෙරිකා ඩොලර් බිලියන 05 ක ආර්ථිකයක් ගොඩනැගීමට තොරතුරු තාක්ෂණය හරහා පියවර ගන්නා බවයි ඒ මහතා මැල්සිරිපුරදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් මැල්සිරිපුරදී පැවැත්වුණා.

ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

COMMENTS