මෙරට ධනය සොරාකෑ පිරිස් අල්ලා එම මුදල් නැවත ආයෝජනය කරනවා

මෙරට ධනය සොරාකෑ පිරිස් අල්ලා එම මුදල් නැවත ආයෝජනය කරනවා

මෙරට ධනය සොරාකෑ පිරිස් අල්ලා එම මුදල් නැවත ආයෝජනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ (17) කඩවත පැවති ජන රැලියකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“රට බංකොළොත් කරපු හොරු කණ්ඩායම, ජනතාවට, අධිකරණයට, වගකියන තැනට ගෙන ඒම සහ හොරු හොරාකාපු අරමුදල් ටික සම්පත් ටික, නැවත වරක් අපේ රටේ ආයෝජනය කරන්නට ජනතාව වෙනුවෙන් කැප කරන්නට හොරුත් අල්ලනවා, හොරු හොරාකාපු මුදල් ටිකත් අපි මේ රට වෙනුවෙන් ලබාගන්නවා. අද රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක දේශපාලන ඩීල් එක රටටම හෙළිදරව් වෙලා හමාරයි. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක හොර මගඬි දේශපාලන ගනුදෙනුව පරාජය කරන්නට දුරකථනය සමගි ජන බලවේගය ඔබ දිනවන්න.”