ශ්‍රී ලංකා පළමු ඉනිම 305කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම 305කට සීමා වෙයි

ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියල්ලන් දැවී ලකුණු 305කට සිය පළමු ඉනිම නිමා කළා.

කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 302 ක් ලබාගෙන සිටියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල කමිදු මෙන්ඩිස් සිය සිව්වන ටෙස්‍ට් ශතකය ලබා ගනිමින් ලකුණු 114 රැස් කලා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබාගනිමින් ඔහුගේ 19 වන ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36ක් ,දිනේශ් චන්දිමාල් ලකුණු 30 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 27 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කලා.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් Will O’Rourke කඩුලු 5 ක් සහ Glenn Phillips කඩුලු 2 ක් බිද හෙලුවා.

ශ්‍රී ලංකාව මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පස් වැන් ස්ථානයේ පසු වන අතර නවසීලන්තය එහි තෙවැනි ස්ථානයේ පසු වනවා.

ඒ අනුව ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගයේ ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වෙනවා.

COMMENTS