ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදුකර ප්‍රතිඵල නිකුත් කිරීම කිසිඳු අකටයුත්තකට ඉඩ නොතබා නිවැරදිව හා නිරවුල්ව සිදු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම, ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නට ඇතැයි යන්න ජාතික ජන බලවේගයේ විශ්වාසය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

COMMENTS