අනුර – සජිත් සහ රනිල් ගත් ඡන්ද ගණන මෙන්න – දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි

අනුර – සජිත් සහ රනිල් ගත් ඡන්ද ගණන මෙන්න – දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

මේ අතර එක් එක් අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින් දැක්වෙයි.

COMMENTS