ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 569ක් දක්වා ඉහළට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 569ක් දක්වා ඉහළට

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් එල්ල කරන ලද දැඩි සහ පුළුල් පරාසයක ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 569 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අතර දරුවන් 50 දෙනෙකු සහ කාන්තාවන් 90 දෙනෙකුද වන අතර, පුද්ගලයින් 1835 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම බේරුට් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල හිස්බුල්ලා සංවිධානයේ සමාජිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් රැදි සිටි ස්ථාන ඉලක්ක කරමින් එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර මාලාව හමුවේ ලෙබනන ජනතාව දහස් ගණනක් තම වාසස්ථාන අත්හැර දමා බේරුට් අග නගරයෙන් පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම මෙහෙයුම හදුන්වනු ලැබුවේ ”නොදර්න් ඇරෝ” මෙහෙයුම ලෙසයි.

එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මෙය වසර 20කට ආසන්න කාලයක් තුළ සිදුවූ මාරාන්තික ප්‍රහාරයක් බවයි.

මේ අතර, හිස්බුල්ලා හමුදාවට අනුව උතුරු ඊශ්‍රායලයට රොකට් 200කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බව සඳහන්.

https://urlis.net/wbo4or06

COMMENTS