ශ්‍රී ලංකාව ජයග්‍රහණය ආසන්නයේ

ශ්‍රී ලංකාව ජයග්‍රහණය ආසන්නයේ

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයක බලාපොරොත්තු ඇතිකර ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

ඊයේ දිනය නිමා වනවිට කඩුලු 2 ක් දැවි ලකුණු 22 ක් ලබාසිටි නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88 කට සීමා කිරිමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් අද දිනයේදි සමත් වුණා.

එහි මුලිකත්වය ගත් ප්‍රභාත් ජයසූරිය කඩුලු 6 ක් බිද හෙලුවේ ලකුණු 42 ක් පමණක් ලබා දෙමින්.

මෙම තරගයේදි ටෙස්ට් වරම් හිමිකරගත් නිශාන් පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 29 ක් ලැබු මිචෙල් සැන්ට්නර්.

මෙය නවසීලන්ත කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදි ශ්‍රි ලංකාවට එරෙහිව වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.

මෙහිදි නායක ධනංජය ද සිල්වා උඩ පන්දු 5 ක් රැකගත් අතර එයද ඉනිමකදි සාමාන්‍ය පන්දු රකින්නෙකු ලබාගත් වැඩිම උඩ පන්දු සංඛ්‍යාවට සම කිරිමක්.

ශ්‍රි ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 602 ක් රැස්කර ගත්තා.

ඒ අනුව ලකුණු 514 ක් පසුපසින් සිට දෙවන ඉනිම ඇරඹු නවසීලන්තය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවි ලකුණු 199 ක් රැස් කිරිමට සමත් වුණා.

නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් ඩෙවෝන් කෝන්වේ ලකුණු 61 ක් රැස් කළා.

ටොම් බ්ලන්ඩල් හා ග්ලේන් පිලිප්ස් පිළිවෙලින් ලකුණු 47 ක් හා 32 ක් රැස්කර ගනිමින් නොදැවි කඩුල්ලේ රැදි සිටිනවා.

පන්දු යැවිමේදි නිශාන් පීරිස් කඩුලු 3 ක් දවාගත් අතර ප්‍රභාත් ජයසූරිය හා ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඉනිමක පරාජයෙන් බේරීමට නවසීලන්තය තවත් ලකුණු 315 ක් රැස්කරගත යුතුව තිබෙනවා.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකරගත්තේද ශ්‍රි ලංකාවයි.

COMMENTS