ඊශ්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය විශාල වැරද්දක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහාය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර, ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහොත් ඊශ්‍රායලයේ සියලුම යටිතල පහසුකම්වලට පහර දෙන බවට ඉරාන මාණ්ඩලික ප්‍රධානියා අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර නොකලහොත් ඔවුන් තම ප්‍රහාරය අවසන් කරන බවයි ඉරාන විදේශ ඇමති සඳහන් කරන්නේ.

එසේ නොවුණහොත් ඊශ්‍රායලයේ ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ බලවත්වනු ඇති බවටයි ඉරානය අනතුරු අඟවා තිබෙන්නේ.

http://surl.li/hrehrj