පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු වංචාවට අදාල පරීක්ෂණ යළි ආරම්භ කළා

පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු වංචාවට අදාල පරීක්ෂණ යළි ආරම්භ කළා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මහ බැංකු මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී ගත් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් හෙට දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට අමාත්‍ය විජිත හේරත් ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා, වරප්‍රසාද යළි සලකා බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරිගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එමෙන්ම මෙවර මහ මැතිවරණය පැවැත්වීම සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් බිලියන 11ක මුදල වෙන්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා පත් කරන ලද උපදේශකවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ලබා දී ඇති වාහන සම්බන්ධයෙන් රජයේ තීරණය කුමක්ද යන්න පිළිබදව ද අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කළා.

COMMENTS