ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජපාන ගුවන් තොටුපලකදී පුපුරයි

ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජපාන ගුවන් තොටුපලකදී පුපුරයි

ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජපාන ගුවන් තොටුපලකදී පුපුරා ගොස් තිබෙනවා.

දෙවන ලෝක යුද සමයේ ඇමරිකාව බිම හෙලූ බෝම්බයක් මෙසේ පුපුරා ගොස් තිබෙනවා.

ජපානයේ මියසාකි ගුවන් තොටුපලේ වළලනු ලැබූ එය පුපුරා යාමෙන් කුලී රථ මාර්ගයක ආවාටයක් ඇතිව තිබෙන ආකාරය මාධ්‍ය විකාශය කළා.

මේ හේතුවෙන් ගුවන් ගමන් 80 කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙනවා.

පිපිරීමෙන් අඩි 23ක පමණ පළල වළක් ඇතිව තිබෙනවා.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

එම අවස්ථාවේ ඒ අසල ගුවන් යානයක් නොතිබුණු බවයි වාර්තා වන්නේ.

තවත් බෝම්බ නොමැති බැවින් ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමට කටයුතු කෙරුණා.

http://surl.li/vtgkrr