වැඩිපුර ගාස්තු ගන්න බස්රථවලට වැඩ වරදී

වැඩිපුර ගාස්තු ගන්න බස්රථවලට වැඩ වරදී

බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසූවාය.

එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳව දැනුම් දෙන ලෙස මගින්ගෙන් ඉල්ලා සිටින බව පැවසුවාය.

එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කල හැකිය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට සහ පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරි වෙත පැමිණිලි ඉදිරිපත් කලහැකිය.

01වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 04.24% සංශෝධනය කෙරිණි. අවම බස්රථ ගාස්තුව රුපියලකින් අඩුවිය. ඒ අනුව අවම බස්රථ ගාස්තුව රුපියල් 27කි.

COMMENTS