හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු මරුට

හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු මරුට

හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

හයිටි රාජ්‍යයේ කුඩා නගරයක සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරට කුඩා දරුවන්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද ප්‍රහාරයෙන් පනහකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හයිටි මාධ්‍ය සදහන් කරනවා.

තවත් පනස් දෙනෙකු පමණ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරනවා.

ප්‍රහාරය ආරම්භ වීමත් සමග නගර වැසියන් නගරයෙන් පළායාම ආරම්භ කළ බවද සදහන්.

මේ වන විටත් හයිටි රාජ්‍යයේ වැඩි ප්‍රදේශ ප්‍රමාණයක බලය කැරළිකරුවන් සතු වනවා.

හයිටි රජය බිද වැටීමත් සමග ජගත් සංවිධානයේ මැදිහත් වීමෙන් එරට පාලන බලය කෙන්යාව ඇතුළු රටවල් කිහිපයක සහයෝගය සහිතව සිදු කෙරෙනවා.

https://shorturl.at/cekEz

COMMENTS