ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවයි

ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට් වෙත එල්ල කළ ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවනවා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් 127 දෙනෙකු ළමයින් වනවා.

එම පිරිස අතර කාන්තාවන් 261දෙනෙකු ද සිටිනවා.

ලෙබනනයේ බේරූට් හි දකුණු දිග ප්‍රදේශවලට ඊශ්‍රායල අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

එම ප්‍රහාර වලින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගියා.

මේ අතර බටහිර ඉවුරේ සරණාගත කඳවුරට ඊයේ ඊශ්‍රායල ජෙට් යානා එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය අය අතර තම තුල්කරේම් අණදෙන නිලධාරියා ද සිටින බව හමාස් සංවිධානය පවසනවා.

https://n9.cl/j1nlg

COMMENTS