වතුර බෝතල්වලටත් පාලන මිලක් ඉල්ලයි

වතුර බෝතල්වලටත් පාලන මිලක් ඉල්ලයි

දැනට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ජාවාරම්කරුවන් හේතුවෙන් ජල බෝතල් විවිධ මිල ගණන් වලට රට පුරා අලෙවි වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව වහාම පානීය ජල බෝතල් සදහා පාලන මිලක් පැනවිය යුතු බව එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මහනුවර ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා.