නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමන් ගෙන එන බවත් දීර්ඝ සාකච්ඡාවකින් මෙන්ම ජනමත විචාරණයකින් පසුව එය සම්මත කර ගැනීම අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු බලය ද ලැබීමත් සමග බොහෝ කටයුතු වේගවත්ව ක්‍රියාවට නැංවීම අරමුණ බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

මහාසංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළා.

අනතුරුව ජනාධිපතිවරයා හා සංඝරත්නය සමග කෙටි පිලිසදරක නිරත වුණා.

COMMENTS