හිටපු ජනපතිට අයත් කාල්ටන් වත්තේ විදුලි රැහැන් දෙකක් ඉවත් කෙරේ

හිටපු ජනපතිට අයත් කාල්ටන් වත්තේ විදුලි රැහැන් දෙකක් ඉවත් කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාවිතා කරනු ලබන තංගල්ල, වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් ඊයේ දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කර තිබෙනවා.

මේ පිළිබඳව වලස්මුල්ල ලං.වි.ම. ප්‍රාදේශීය කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, වලස්මුල්ල ප්‍රදේශය තුල ස්ථාන කිහිපයකම විදුලි රැහැන් ඉවත් කිරීමක් සිදුකර ඇති බවයි.

කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03 ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS