පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේ පිපිරීමක්

පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේ පිපිරීමක්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරිමෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තවත් බොහො පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පාකිස්තානයේ සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර මෙම පිපිරීම සිදු කර ඇති අතර ප්‍රහාරයේ වගකීම බලුකිස්තානයේ බෙදුම්වාදී විමුක්ති හමුදාව භාර ගෙන ඇති බව සඳහන් ය.

ඔවුන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වන්නේ කරච්චි ගුවන් තොටුපළෙන් පැමිණෙන “චීන ඉංජිනේරුවන් සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ රථ පෙළක් ඉලක්ක කර ගත්” බවයි

මේ අතර, ෂැංගයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සත්කාරකත්වය ලබාදීමට සූදානම් වන බැවින් පාකිස්තානයේ ආරක්ෂාව ද තර කර තිබේ.

https://n9.cl/k7qbp

COMMENTS