කොළඹ – අවිස්සාවේල්ල මාර් ගයේ කොටසක් ජලයෙන් යටවෙයි, ඇළට වැටි අයෙකු අතුරුදන්
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත මංසන්ධිය සිට හිගුරල මංසන්ධිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලීසිය සඳහන් කර සිටියා.
මේ අතර කඩුවෙල, වැලිහිද බෝධිය අසළදී පුද්ගලයෙකු ඇලකට වැටී අතුරුදන්ව තිබෙනවා.
නවගමුව පොලිසිය විසින් ඔහු සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවට අනුව උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතතනය හොරණ ප්‍රදේශයට ලැබී තිබෙනවා.
එය මිලි මීටර් 239 ක්. ඊට අමතරව ඇල්පිටිය, බුලත්සිංහල, මතුගම, වළල්ලාවිට,සීතාවක සහ ඇහැළියගොඩ යන ප්‍රදේශවලට මිලිමීටර් 180 ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.