මේ දේශපාලන පොර පිටියෙන් හොරු රැළම අතුගාලම දාන්න ඕනේ
මෙවර පාර් ලිමේන්තු මැතිවරණයෙන් හොරු රැළම, හොරකම් ගෑවිලා හරි හිටපු මිනිස්සු ඔක්කෝම තොලොංචි කරලා දාන්න යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (10) මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් පල කළා.
“මේ මැතිවරණයෙන් තමයි රටේ ඉදීරියි ගැන තීන්දු වෙන්නේ. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි මෙතෙක් කාළයක් වහල්ලු වෙලා හිටියානේ, එක එක දේශපාලඥයෝ පිටිපස්සේ ගියා, ඒ ගියේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන්නේ, ඇත්ත කථාව.පූජකයොත් එහෙමයි සාමාන්‍යය ජනතාවත් එහෙමයි.ඒ නිසා ඒවායෙන් බැහැර වෙන්න, දැන් රට ගැන හිතන්න.රට ගැන හිතලා, දැන් සිස්ටම් චේන්ජ් එකක් ගැන, අවුරුදු ගාණක ඉඳලා ජනතාව වෙනසක් ඉල්ලුවා, ඒ වෙනසට නායකත්වය ලැබිලා තියෙනවා.ඒ නිසා මේ සැරේ ඡන්දය දෙන කොට මේ හොරු රැළම, හොරකම් කරලා ගෑවිලා හරි හිටපු මිනිස්සු ඔක්කෝම තොලොංචි කරලා දාන්න.මේ දේශපාලන පොර පිටියෙන් අතුගාලාම දාන්න ඔ්න, පහුගිය කාළයේ සමහර අය කරපු දේවල් අපි දැක්කානේ, පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවම, ඒකට අත උස්සන්න විදිහක් නෑ, මිනිහා දන්නේ නෑ නිදි පාර්ලිමේන්තුවේ.ඒ වගේ මේ නාකි ගොබ්බ හැත්ත මේ දේශපාලන පිටියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න වැඩපිළිවෙලක් හදා ගන්න. ඡන්දය මේ සැරේ පාවිච්චි කරන කොට හොඳට තෝරා බේරා ගෙන හොඳ මිනිහා කවුද? උගත් මිනිහා කවුද? ජනතාවට සමීප කවුද? පොළවේ පයගහලා ඉන්නේ කවුද? කියලා තේරුම් අරගෙනම ඡන්දය පාවිච්චි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.මේක තමයි මේ රටේ අවසානම, ගලවාගන්න තියෙන එකම තුරුම්පුව, මේකෙන් අපි ගිලිහිලා ගියොත් මේ රටේ ඉන්න ජනතාවගේ අහිංසක දරුවන්ට කවදාකවත් රටක් නැතිව යනවා, ඒ නිසා ඒ ගැන කල්පනා කරලා දේශපාලන වහල් බවින් මිදිලා මේ රටේ වර්ථමාන ජනාධිපතිවරයාගේ අදහස් වලට, වැඩපිළිවෙලට පක්ෂ විපක්ෂ හොඳ මිනිස්සුන්ට ඡන්දය ලබා දෙන්න. ලාභ අපේක්ෂාවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා.රට ගැන හිතන්න, ජාතිය ගැන හිතන්න, එච්චරයි කියන්න තියෙන්නේ.ඒ නිසා වහල් බවින් මිදිලා, ඔලුව පාවිච්චි කරලා, ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කරා වගේම, මේ හම්පඩ වෙච්ච අල්ලස, දූෂණය, වංචාවෙන් මිරිකුණ , මේවායෙන් හම්බකර ගෙන කාපු මේ ගොන් රැළම සම්පූර්ණයෙන්ම මේ දේශපාලන පොර පිටියෙන් ඉවත් කරන්න අවශයයි.ඒ නිසා ජනතාව ඒ වෙනුවෙන් හරි තීරණයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.