වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි
සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවය.
ඒ අනුව අදාළ අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුල්කිරීම සහ පිටවීම නතර කර තිබේ.