ධීවරයින්ට ඉන්ධන සහනයක්

ධීවරයින්ට ඉන්ධන සහනයක්

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එම සහනය මාස 6ක කාලයක් සඳහා ලබාදීමට කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි:

එම සහන ලැබෙන්නේ මෙසේය….

ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/-ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/-ක් දක්වා වන උපරිමයකට යටත්ව “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්” ලබා දීම.

ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලීටර 15ක හා මසකට දින 25ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රුපියල් 25/-ක “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්” ලබා දීම.

ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250/-ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150/-කට ද යටත්ව, උපරිම මාස 06ක කාලයක් දක්වා ඩීසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 7.5%ක සහනයක් ද භූමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5%ක සහනයක් ද ධීවර ජනතාවට හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වාගෙන යාම.

COMMENTS