මැද පෙරදිග යුද්ධය ගැන නවතම අනාවරණයක්

මැද පෙරදිග යුද්ධය ගැන නවතම අනාවරණයක්

මැද පෙරදිග යුද්ධය අතරතුර ලෙබනනයේ ළමුන් 400,000කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

යුද්ධය හේතුවෙන් මිලියන 1.2ක පිරිසක් සිය නිවෙස්වලින් පලා යාම නිසාවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වී යාමද බරපතළ තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා ඒජන්සිය පෙන්වාදෙනවා.

පසුගිය සති තුන තුළ මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ළමුන් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර 800 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.