ශ්‍රීලංකන් විකුණන්නේ නෑ

ශ්‍රීලංකන් විකුණන්නේ නෑ

ශ්‍රීලංකන් ගුවන් සේවය විකිණිමේ සැලසුම් අත්හැර දමා වඩාත් ලාභදායි අනාගතයක් උදෙසා ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය සැලැසුම් කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව සභාපතිධූරයට පත් සරත් ගනේගොඩ පවසනවා.

TTG Asia සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගනේගොඩ පවසනා ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය සියලු ශ්‍රී ලාංකිකයින්ට අභිමානයක් විය යුතු බව හා එය ශ්‍රී ලාංකිකයන් සතු විය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී ඇති බවයි.

ඒ අනුව වසර 2030 වන විට මිලියන 5ක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ගුවන් සේවය විකිණීම නතර කර නිසි ව්‍යාපාරික ශක්‍යතා ආකෘතියක් යටතේ ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බවයි ගනේගොඩ පවසා ඇත්තේ.

COMMENTS