මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර

මැදපෙරදිග සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක් එක් රටවල දූත මණ්ඩල හරහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මැදපෙරදිග කලාපයේ ගැටුම් උග්‍ර වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවදානය යොමුවුණා.

ලෙබනනයේ ද අවදානම්කාරී වතාවරණයක් උද්ගත වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් දූත මණ්ඩල මගින් අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

ඊට අවධානය යොමුකර කටයුතු කරන ලෙසත් බලධාරීන් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළා.

ඔවුන් පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා 0112338812 සහ 0117711194 යන දුරකතන අංක ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය හා සම්බන්ධ විය හැකි බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

COMMENTS