හසීනා ඇතුළු 45කට වරෙන්තු

හසීනා ඇතුළු 45කට වරෙන්තු

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ ඇගේ දේශපාලන පක්ෂයවන අවාමි ලීගයේ ඉහළ පෙලේ නායකයින් ඇතුළු 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම වසර මුලදී ඇති වූ ශිෂ්‍ය විරෝධතා අතරතුර සමූහ ඝාතන සිදුකළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

මේ අනුව බංග්ලාදේශ හිටපු අගමැතිනිය අත්අඩංගුවට ගෙන ලබන මස 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

COMMENTS