නිල නිවාස භාර නොදුන් හිටපු මැති ඇමතිවරුන්ට යළි සිහි කැඳවීම්

නිල නිවාස භාර නොදුන් හිටපු මැති ඇමතිවරුන්ට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, නිල නිවාසවලින් මෙතෙක් භාර දි ඇත්තේ 14 ක් පමණක් බවයි.

එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ, නිල නිවාස භාරදීමේදි ඒවායේ හිග විදුලිබිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවයි.

සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

COMMENTS