ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් මේ ආණ්ඩුවට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බෑ

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් මේ ආණ්ඩුවට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බෑ

වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් ඒ අයට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු නිව්ස් සමඟ විශේෂ සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සිය කණ්ඩායම තුළ පළපුරුදු, අත්දැකීම් තියෙන උගත් බුද්ධිමතුන් සිටින බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආසන 30 ත් 40 ත් අතර ගන්න පුළුවන් බව ඔහු කියා සිටියා.

එමෙන්ම අලුතින් එන ජනතා විමුක්ති පෙරමුණේ පිරිසට පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය ඉගෙන ගන්නම අවුරුදු 05 ක් ගත වන බව ඔහු අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු හිටපු මැති ඇමැතිවරුන් පිළිබඳ වෛරය, ඊරිෂ්‍යාව, කුහකත්වය වැපුරු හෙයින් තමා ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස පැරදිලා අනුර කුමාර දිසානායක ජනාධිපති වුණේ බව ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම තව මාස 6 කින් රටේ ජනතාවට ගත්ත තීරණය වැරදි යැයි හැගෙන බව නිමල් ලාන්සා මෙහිදී කියා සිටියා.

ඔහු පවසා සිටින්නේ වත්මන් ජනාධිපතිවරයාටත්, අගමැතිටත් , විජිත හේරත්ට මේ රට ගෙනි යන්න බැරි බවත් ඉදිරියේදී ඔවුන්ගෙන් එන අයටත් මීටත් වඩා අමාරු වන බවයි.

මේ වන විට වත්මන් ආණ්ඩුව ආර්ථික හදන වැඩපිළිවෙලක් සඳහා බලය ලබා ගත් නමුත් බලයට පැමිණි දිනයේ සිට මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දෙයක් සිදු නොකල බව නාමල් ලාන්සා පවසනවා.

තව ද ඔවුන් ජනතාවට පැවසු දේ නෙමෙයි මේ වන විට සිදු කර ඇත්තේ බව ඔහු අවධාරණය කර සිටියා.

ඔහු තවදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව සමාජ ගත කරපු බොරුවෙන් එයාලා ජයග්‍රහණය කර තිබෙනවා බවයි.

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන්නැයි කතෝලික ජනතාව බලාපොරොත්තු වන බවත් මේ වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඊට අවස්ථාව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS