ශ්‍රී ලංකා කොදෙව් පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකා කොදෙව් පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2. 30ට ආරම්භ වෙනවා.

අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියා.