2024 T20 කාන්තා ලෝක කුසලානයේ ජය නවසීලන්තයට

2024 T20 කාන්තා ලෝක කුසලානයේ ජය නවසීලන්තයට

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්.

ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

එහිදී පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 158ක් රැස් කරගත්තා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 159ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි.

2024 ඔක්තෝබර් මස 03 වැනිදා ආරම්භ වූ 2024 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් සභභාගි වූ අතර, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

COMMENTS