පාස්කු වාර් තා ගැන ජනපති අනුර කතා කරයි
පාස්කු ප්රහාරයේ සැබෑ අපරාධකරුවන් සැගවීම උදය ගම්මන්පිල හිටපු මන්ත්රීවරයාගේ උත්සාහය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කටුණායක ප්රදේශයේ ඊයේ (20) පැවති ජන රැළියේ දී උදය ගම්මන්පිල මහතාගේ ප්රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.
“විශේෂයෙන්ම අවධානය යොමුකළා පාස්කු ප්රහාරය ගැන. අපි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණය සඳහා සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පරිවර්ථනය කළා. දැන් එතකොට කට්ටිය කලබලා වෙලා තියෙනවා. 2019 පාස්කු ප්රහාරයෙන් බලය ගන්න පාස්කු ප්රහාරය මතුර මතුර ගියපු අය අවුරුදු 5කට පස්සේ අවදි වෙලා. දැන් කියනවා අර වාර්තාව දෙන්න, මේ වාර්තාව දෙන්න කියලා. ඒ වාර්තා දෙකම රනිල් වික්රමසිංහගේ වාර්තා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. මම එනකොට හිටපු ජනපති ලේකම්ගෙන් ඇහුවා ඒ වාර්තාවලට මොකද වුණේ කියලා.
රනිල් වික්රමසිංහගේ වුවමනාව තිබුණේ මේ පරීක්ෂණය යටපත් කිරීමට. අපි පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු ප්රහාරය ගැන විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා. අන්න එතකොට කෝමා වෙලා හිටපු අය අවදි වුණා. ඒක කඩාකප්පල් කරන්න, අකුල් හෙලන්න. මේ පුද්ගලයාගේ මැදිහත්වීම සැබෑ වරදකරුවන් සොයාගන්න නෙවෙයි.
ඒ නිසා අපි ඒවට යට වෙන්නෙත් නැහැ, ඒවාට හිරවෙන්නෙත් නැහැ. අපි සාධාරණ පරීක්ෂණයක් කරලා ඇත්ත හෙළිදරව් කරනවා. අපිට මොනවාද හංගන්න තියෙන්නේ? කවුද බේරන්න තියෙන්නේ?. ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ, බාල්දි පෙරළන අයට ඉඩදෙන්නෙත් නෑ”.