මුදලිගේ ඇතුළු 18 දෙනෙකුට අදාල පරීක්ෂණ සඳහා නීතිපතිගේ උපදෙස් පතයි

මුදලිගේ ඇතුළු 18 දෙනෙකුට අදාල පරීක්ෂණ සඳහා නීතිපතිගේ උපදෙස් පතයි

පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට අදාළ පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය අද (21) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබු අතර, එහිදී වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ පරීක්‍ෂණ ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව සඳහන් කළා.

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය දැනුම් දී සිටියා.

ඉන් අනතුරුව අදාල පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැඳවීමටද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

COMMENTS