ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ගැන දැනුම්දීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ගැන දැනුම්දීමක්

චර් චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (22) දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජාඇල, කටුනායක, සීදුව, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රදේශවලට ද ජල සැපයුමේ බාධා එල්ලවී තිබෙනවා.

මෙය යථාතත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති අතර අද (22) දහවල් 12 දක්වා ජල සැපයුමට බාධා ඇතිවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එබැවින් ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස පාරිභෝගිකයින්ට ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා .

COMMENTS