වත්මන් ජනපති අනුර ගැන විශ්වාසයක් තියෙනවා

වත්මන් ජනපති අනුර ගැන විශ්වාසයක් තියෙනවා

නිරහංකාර සරළ ගති ඇති ගැමි පුද්ගලයෙකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉදිරි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරාවි යැයි විශ්වාස කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල විසින් නිකුත් කල වාර්තාව පිළිබඳ අද (22) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අදහස් පල කරමින්.

උන්වහන්සේ කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණයත් අවශ්‍ය බවත් එයට පක්ෂයවත් පුද්ගලයාවත් වැදගත් නැති බවයි.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර දෙන ලෙස අප වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහුත් අප වෙත කියා සිටියේ කාලයේ වැලිකතාවේ මෙහි සත්‍ය සගවන්නට ඉඩ නොදෙන බවයි.

එම පොරොන්දු ඉටු කරවියැයි අප විශ්වාස කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.

උදය ගම්මන්පිල විසින් රගපෑමන් සිදු කර ඇති බවත් ඔහු ගැන කනගාටුවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.

තමන්ට අමතර ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවත් අපේ ආරක්ෂාව උඩ සිටින අය විසින් සිදු කරන බවත් අපි ඉතා සාමාන්‍ය ජිවිතයක් ගත කර අය බව උන්වහන්සේ කියා සිටියා.

COMMENTS