IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ පූර් ණ සහාය ලංකාවට

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ පූර් ණ සහාය ලංකාවට

ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සදහා තම පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර පැවති විශේෂ හමුවකදීයි ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මේ බව සදහන්කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සදහා ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් පිරිසක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර බලා පිටත්ව ගිය අතර සමුළුව අතරතුරදී මෙම විශේෂ හමුව සිදුකෙරුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව අත්කරගත් දුෂ්කර ජයග්‍රහනයන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකරගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම අගය කරන බවයි ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මෙහිදී සදහන්කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.

COMMENTS