ගම්මන්පිල ඉදිරිපත් කල පාස්කු වාර් තාව පිළිගන්නේ නෑ

ගම්මන්පිල ඉදිරිපත් කල පාස්කු වාර් තාව පිළිගන්නේ නෑ

හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරිපත් කළ ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයකින් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය දියත් කල පිරිස මෙන්ම පාස්කු ප්‍රහාරය දැනගෙන එය වලක්වා ගැනීමට ක්‍රියාත්මක නොවු පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී පරික්ෂණ සිදු කර පියවර ගන්නා බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලන පලිගැනීමක් සඳහා පත් කළ කමිටුවකින් ලබා දුන් වාර්තාව අපගේ රජය පිලිනොගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS