ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ප්‍රහාරවලින් 7දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා හි පාසලක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කළා.

ඉන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි වෆා පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ බෙයිට් ලහියා ප්‍රදේශයේ පිරිසක් පලා යන අතරතුරයි.

ඊශ්‍රායලය එම ප්‍රදේශයට ගොඩබිම් ප්‍රහාර එල්ල කරන අතරතුර බේරූට් හි දකුණුදිග ප්‍රදේශවල ද විශාල පිපිරීම් සිදුව තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් පුද්ගලයන් 42,718දෙනෙකු මිය ගොස් 100,282දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

https://bitlyv.com/rNERP