රුසියානු තානාපති කාර් යාලයත් අනතුරු අඟවයි

රුසියානු තානාපති කාර් යාලයත් අනතුරු අඟවයි

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින් ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් එමගින් රුසියානු ජාතිකයින්ට දැනුම්දී තිබුණි.

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදනයක් නිකුත්කර ඇති බවද X පණිවුඩයක් නිකුත්කරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පවසයි.