ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (23) දින පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට මෙම තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදියි.

පළමු තරගයෙන් ලැබූ ජයත් සමගින් යහපත් මානසිකත්වයකින් යුතුව අද තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබී ඇති අතර ශ්‍රී ලංකා බිමේදී එක්දින තරගාවලියක් ජය ගැනීම කෙසේ වෙතත් සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමේ අභියෝගයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුහුණ දී තිබෙනවා.

දෙපිලම එක්දින තරග 31 බැගින් ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව මෙරටදී එක්දින තරගාවලියක් පරාජයට පත් වී නැහැ.

COMMENTS